skip to main |
skip to sidebar
කිතුල් ගස ස්වාභාවික පරිසරය තුල ඉතා හොදින් වර්ධනය වේ. මෙසේ වසර 10-15 ක් වැඩීමෙන් පසු මල් හට ගනී. ලබා ගත හැකි තෙලිදිය අස්වැන්න ගසින් ගසට විශාල වශයෙන් වෙනස් වන අතර වැඩි අස්වැන්නක් දෙන ප්‍රභේද මේ දක්වා හදුනාගෙන නැත. එම ප්‍රභේද නිවරදිව හදුනාගෙන වැවිලි භෝගයක් ලෙස දියුණු කල හොත් ආර්ථිකයට විශාල දායකත්වයක් ලබා දිය හැකි වේ. කිතුල් ගස ස්වාභාවික වනාන්තර පරිසරය තුල අවම සම්පත් ප්‍රමාණයක් ප්‍රයෝඡනයට ගනිමින් සාර්ථක වර්ධනයක් පෙන්නුම් කරන ශාකයකි. එම නිසා කිතුල් ශාකය ප්‍රචලිත කිරිමට පියවර ගැනීම කාලෝචිතය.

ගස් වල ආවේනික ලක්ෂණ, දේශගුණික ලක්ෂණ, පදම් කිරිමේ ක්‍රමය අනුව තෙලිදිය අස්වැන්න විශාල වශයෙන් වෙනස් වේ. මෙය දිනකට බෝතල් (1/2) සිට බෝතල් 60 ක උපරිමය දක්වා වෙනස් විය හැක. තෙලිදිය වල අඩංගු වන සීනි ප්‍රමාණයද ඉහත සාධක අනුව වෙනස් වේ. පැණි බෝතලයක් නිපදවීම සදහා සාමාන්‍යයෙන් තෙලිදිය බෝතල් 6 සිට 8 දක්වා අවශ්‍ය වේ. මලකින් අස්වැන්න ලබාගත හැකි කාලය සාමාන්‍යයන් මාස 3 සිට 6 දක්වා වෙනස් වේ. කිතුල් ගස පිහිටි ස්ථානය අනුව වසර 10 සිට 15 ක දි පීදීම සිදුවිය හැක.