ව්‍යාප්තිය
කිතුල් ශාකය බහුලව ව්‍යාප්ත වී ඇත්තේ (තෙත් කලාපයේ) ස්වාභාවික වනාන්තරවලය. මීට අමතරව තෙත් කලාපයේ බොහෝ දිස්ත්‍රීක්ක වල ගෙවතු වලද කිතුල් ව්‍යාප්ත වී ඇත. කිතුල් ශාකය බහුල වශයෙන් ව්‍යාප්තව ඇති කෑගල්ල, රත්නපුර හා බදුල්ල යන දිස්ත්‍රික්ක වල ගෙවතු වල පමණක් මිලියන 10 පමණද ශ්‍රී ලංකාවේ සියළු ප්‍රදේශ වල ගෙවතුවල ගස් මිලියන 17 පමණ ඇතැයිද තක්සේරු කර ඇත. මීට අමතරව තෙත් හා අතරමැදි කලාප වල ස්වාභාවික වනාන්තර වලද කිතුල් ව්‍යාප්ත වී ඇත.
