උද්භිද විද්‍යාත්මක ලක්ෂණ


සෘඡු සිලින්ඩරාකාර කදක් සහිතව මි.13-25 උසට වර්ධනය වන ඒකගෘහි ශාකයකි.කදේ පත්‍ර පිහිටි ස්ථානය නිසා ගැට ස්වරුපයක් පැහැදිලිව දක්නට ලැබේ. ද්විගුණ වර්ණදේහ සංඛ්‍යව 32 කි.පත්‍ර සංයුක්ත වන අතර මි.6 ක් පමණ දිගට වැඩේ. පත්‍රවල පැහැදිලි මැද නාරටියක් දක්නට ලැබේ. වසර 10-15 ට පසුව ගසේ මුදුනින් ප්‍රථම පුෂ්ප මන්ඡරිය හට ගනි. ඉන්පසු ගසේ පහලට ඇති පත්‍ර අක්ෂයේ මල් ( පුෂ්ප මන්ඡරිය) හට ගැනීම වසර කීපයක් පුරාම සිදු වේ. මල් පිපිම සහ ඵල හට ගැනීම අවසානයේ පත්‍ර සහ කද මිය යාම සිදු වේ.

පුෂ්ප මන්ඡරිය කොපු (Bracts) කිහිපයකින් ආවරණය වී ඇත. මල් වල ගැට කිපයක් දක්නට ලැබෙන අතර කෙලවර මල් හට ගන්නා රෑන්වලින් සමන්විත වේ. පිරිමි මල් දෙකක් සහ ගැහැණු මල් එකක් ඇති මල් පොකුරු වශයෙන් මල් හට ගනී. පිරිමි මල් වල රේණු බහුල වශයෙන් දක්නට ලැබේ. ඵලය සෙ.මි. 2 තරම් විශ්කම්භයකින් යුක්ත වේ.