හැදින්වීම



ඇරිකේසියේ හෙවත් පාමේ කුලයට අයත් කිතුල් ගස කැරියෝටා යුරේන්ස් (Caryota urens) යන විද්‍යාත්මක නමින් හදුන්වයි. මෙම ශාකය ආසියාතික රටවල දක්නට ලැබෙන අතර ශ්‍රී ලංකාවේ තෙත් කලාප වල බහුල වශයෙන් ව්‍යාප්තව පවතී. කිතුල් ගසේ පුෂ්ප මන්ඡරිය පදම් කර කපා එයින් ලබා ගන්නා සාරය (තෙලිදිය) උණු කරපැණි හා හකුරු නිපදවීම පාරම්පරික කර්මාන්තයකි. මෙම තෙලිදිය පැසීමට ඉඩහැර රා නිපදවා පානය කිරිමටද මෙරට ඉතා ඡනප්‍රිය ය. කිතුල් ගසේ නිෂ්පාදන වලට ඉහල ඖෂධීය වටිනා කමක්ද ඇති අතර එහි සියළුම කොටස් මිනිසාගේ සහ විවිධ සතුන්ගේ ප්‍රයෝඡනයට ගත හැකි නිසා ඇත අතිතයේ සිටම මෙම ශාකයට සුවිශේෂි ස්ථානයක් හිමි වි ඇත.