අනෙකුත් වැවිලි භෝග දියුණු කිරිමට ගෙන ඇති පියවර සමග සැසදීමේදි කිතුල් ගස ශ්‍රී ලංකා ආර්ථිකාය් වැදගත් ශාකයක් වුවද මේ පිළිබදව අවධානය යොමුකර එයින් ලබන ආර්ථික ප්‍රයෝඡන වැඩි කිරිමට මේ දක්වා කිසිදු සෑහිමකට පත්වන අවධානයක් යොමුකර නැත. දැනට කිතුල් ගස ප්‍රයෝඡනයට ගන්නා ආකාරයට අනුව මෙම ශාක වදවිමට හැකියාව ඇත. එම නිසා කිතුල් ශාකය ආරක්ෂා කර ආරථික ප්‍රයෝඡනයට යොදා ගැනිමට ක්‍රමාණුකූල වැඩ පිළිවෙලක් නොපමාව ආරම්භ කල යුතු වේ. මේ සදහා අනුගමනය කළයුතු ප්‍රධාන ක්‍රියා මාර්ග
1. වැඩි අස්වැන්නක් ලබාදෙන කිතුල් වර්ග හදුනාගෙන ඒවා ප්‍රචාරනය කිරිමට විද්‍යාත්මක පදනම් සහිත පියවර ගැනීම
2. කිතුල් මල් කැපිමේ සාම්ප්‍රදායික ක්‍රමය දියුණු කර එය ඡනප්‍රිය රැකියාවක් බවට පත් කිරිම
3. දැනට පවතින බෝග වගා ක්‍රම වලට කිතුල් ශාකය හදුන්වා දී අතුරු භෝගයක් ලෙස හෝ වැවිලි බෝගයක් ලෙස ව්‍යාප්ත කිරිමට කටයුතු යෙදීම
4. අනවශ්‍ය ලෙස කිතුල් ගස් කපා දැමිම නතර කිරිමට පියවර ගැනීම සහ වැනසී යන ඡාන සම්පත් සංරක්ෂණය කිරිම
5. ගෙවතුවල ස්වාභාවික වනාන්තර වල පෝෂණීය වගා ලෙස හා ස්වාරක්ෂක කලාප වල කිතුල් වගා කිරිම.
6. ස්වාභාවික කිතුල් සම්පත් තිරසාර ලෙස හාවිතා කිරිමට ක්‍රමෝපායක් සකස් කිරිම
