හැදින්වීම



ඇරිකේසියේ හෙවත් පාමේ කුලයට අයත් කිතුල් ගස කැරියෝටා යුරේන්ස් (Caryota urens) යන විද්‍යාත්මක නමින් හදුන්වයි. මෙම ශාකය ආසියාතික රටවල දක්නට ලැබෙන අතර ශ්‍රී ලංකාවේ තෙත් කලාප වල බහුල වශයෙන් ව්‍යාප්තව පවතී. කිතුල් ගසේ පුෂ්ප මන්ඡරිය පදම් කර කපා එයින් ලබා ගන්නා සාරය (තෙලිදිය) උණු කරපැණි හා හකුරු නිපදවීම පාරම්පරික කර්මාන්තයකි. මෙම තෙලිදිය පැසීමට ඉඩහැර රා නිපදවා පානය කිරිමටද මෙරට ඉතා ඡනප්‍රිය ය. කිතුල් ගසේ නිෂ්පාදන වලට ඉහල ඖෂධීය වටිනා කමක්ද ඇති අතර එහි සියළුම කොටස් මිනිසාගේ සහ විවිධ සතුන්ගේ ප්‍රයෝඡනයට ගත හැකි නිසා ඇත අතිතයේ සිටම මෙම ශාකයට සුවිශේෂි ස්ථානයක් හිමි වි ඇත.

උද්භිද විද්‍යාත්මක ලක්ෂණ


සෘඡු සිලින්ඩරාකාර කදක් සහිතව මි.13-25 උසට වර්ධනය වන ඒකගෘහි ශාකයකි.කදේ පත්‍ර පිහිටි ස්ථානය නිසා ගැට ස්වරුපයක් පැහැදිලිව දක්නට ලැබේ. ද්විගුණ වර්ණදේහ සංඛ්‍යව 32 කි.පත්‍ර සංයුක්ත වන අතර මි.6 ක් පමණ දිගට වැඩේ. පත්‍රවල පැහැදිලි මැද නාරටියක් දක්නට ලැබේ. වසර 10-15 ට පසුව ගසේ මුදුනින් ප්‍රථම පුෂ්ප මන්ඡරිය හට ගනි. ඉන්පසු ගසේ පහලට ඇති පත්‍ර අක්ෂයේ මල් ( පුෂ්ප මන්ඡරිය) හට ගැනීම වසර කීපයක් පුරාම සිදු වේ. මල් පිපිම සහ ඵල හට ගැනීම අවසානයේ පත්‍ර සහ කද මිය යාම සිදු වේ.

පුෂ්ප මන්ඡරිය කොපු (Bracts) කිහිපයකින් ආවරණය වී ඇත. මල් වල ගැට කිපයක් දක්නට ලැබෙන අතර කෙලවර මල් හට ගන්නා රෑන්වලින් සමන්විත වේ. පිරිමි මල් දෙකක් සහ ගැහැණු මල් එකක් ඇති මල් පොකුරු වශයෙන් මල් හට ගනී. පිරිමි මල් වල රේණු බහුල වශයෙන් දක්නට ලැබේ. ඵලය සෙ.මි. 2 තරම් විශ්කම්භයකින් යුක්ත වේ.

ව්‍යාප්තිය

කිතුල් ශාකය බහුලව ව්‍යාප්ත වී ඇත්තේ (තෙත් කලාපයේ) ස්වාභාවික වනාන්තරවලය. මීට අමතරව තෙත් කලාපයේ බොහෝ දිස්ත්‍රීක්ක වල ගෙවතු වලද කිතුල් ව්‍යාප්ත වී ඇත. කිතුල් ශාකය බහුල වශයෙන් ව්‍යාප්තව ඇති කෑගල්ල, රත්නපුර හා බදුල්ල යන දිස්ත්‍රික්ක වල ගෙවතු වල පමණක් මිලියන 10 පමණද ශ්‍රී ලංකාවේ සියළු ප්‍රදේශ වල ගෙවතුවල ගස් මිලියන 17 පමණ ඇතැයිද තක්සේරු කර ඇත. මීට අමතරව තෙත් හා අතරමැදි කලාප වල ස්වාභාවික වනාන්තර වලද කිතුල් ව්‍යාප්ත වී ඇත.

ප්‍රයෝඡන



කිතුල් ගසේ ප්‍රධාන අස්වැන්න මල මැදීමෙන් ලබා ගන්නා මී රා හෙවත් තෙලිදිය වේ.මෙමගින් කිතුල් හකුරු, පැණි සහ රා ප්‍රධාන වශයෙන් නිපදවයි. තෙලිදිය පදමට උණුකර ගැනිමෙන් පැණි හා හකුරු නිපදවන අතර, උණු නොකර තබා ගැනිමෙන් රා නිෂ්පාදනය කරයි.මෙම නිෂ්පාදන සදහා දේශිය හා විදේශිය වෙළද පොලේ විශාල ඉල්ලුමක් ඇතත් එය සපුරා ගැනිමට තරම් නිෂ්පාදනයක් දැණට නැත.



නොමේරු කිතුල් අතු සහ මදය අලි ඇතුන්ගේ ප්‍රධාන ආහාරයක් වන අතර වාර්ශිකව ටොන් දහස් ගණනක් මේ සදහා අවශ්‍ය වේ. මෙය සපුරා ගැනීම සදහා කිතුල් ගස් දහස් ගණනක් වාර්ශිකව කපනු ලැබේ.



මේවාට අමතරව පහත සදහන් ප්‍රයෝඡනද කිතුල් ගසෙන් ලැබේ.

• කිතුල් කොළ ගෘහස්ත අලංකාරය සදහා
• කිතුල් බොඩ ඹෟෂධයක් සදහා
• කිතුල් මදයෙන් කිතුල් පිටි ලබා ගැනීම
• විසිතුරු භාණ්ඩ නිෂ්පාදනයට ( වට්ටි, පෙට්ටි, මළු)
• කිතුල් දැව අල්මාරි, මෝල් ගස්ළ උදළු මිටි, නගුල් සෑදීමට හා කිතුල් කදන් වක්කඩ කුඹහා සදහා
• කිතුල් පිත්ත බිලි පිති සෑදීමට
• විසිතුරු ශාකයක් ලෙස උද්‍යාන අලංකාරය සදහා යොදා ගනි.

වර්ධනය හා අස්වැන්න

කිතුල් ගස ස්වාභාවික පරිසරය තුල ඉතා හොදින් වර්ධනය වේ. මෙසේ වසර 10-15 ක් වැඩීමෙන් පසු මල් හට ගනී. ලබා ගත හැකි තෙලිදිය අස්වැන්න ගසින් ගසට විශාල වශයෙන් වෙනස් වන අතර වැඩි අස්වැන්නක් දෙන ප්‍රභේද මේ දක්වා හදුනාගෙන නැත. එම ප්‍රභේද නිවරදිව හදුනාගෙන වැවිලි භෝගයක් ලෙස දියුණු කල හොත් ආර්ථිකයට විශාල දායකත්වයක් ලබා දිය හැකි වේ. කිතුල් ගස ස්වාභාවික වනාන්තර පරිසරය තුල අවම සම්පත් ප්‍රමාණයක් ප්‍රයෝඡනයට ගනිමින් සාර්ථක වර්ධනයක් පෙන්නුම් කරන ශාකයකි. එම නිසා කිතුල් ශාකය ප්‍රචලිත කිරිමට පියවර ගැනීම කාලෝචිතය.

ගස් වල ආවේනික ලක්ෂණ, දේශගුණික ලක්ෂණ, පදම් කිරිමේ ක්‍රමය අනුව තෙලිදිය අස්වැන්න විශාල වශයෙන් වෙනස් වේ. මෙය දිනකට බෝතල් (1/2) සිට බෝතල් 60 ක උපරිමය දක්වා වෙනස් විය හැක. තෙලිදිය වල අඩංගු වන සීනි ප්‍රමාණයද ඉහත සාධක අනුව වෙනස් වේ. පැණි බෝතලයක් නිපදවීම සදහා සාමාන්‍යයෙන් තෙලිදිය බෝතල් 6 සිට 8 දක්වා අවශ්‍ය වේ. මලකින් අස්වැන්න ලබාගත හැකි කාලය සාමාන්‍යයන් මාස 3 සිට 6 දක්වා වෙනස් වේ. කිතුල් ගස පිහිටි ස්ථානය අනුව වසර 10 සිට 15 ක දි පීදීම සිදුවිය හැක.

ආර්ථික වැදගත්කම

දැණට ලැබි ඇති දත්ත වලට අනුව මලක සාමාන්‍යය තෙලිදිය අස්වැන්න බෝතල් 1 ක් පමණ නිපදවිය හැකිය.

අඩු වශයෙන් එක් ගසක එක් මලක් වසර පුරා මදින ලෙස උපකල්පනය කලහොත් පැණි අස්වැන්න බෝතල් 365 ක් පමණ වේ. පැණි බෝතලයක වර්ථමාන වටිනාකම රු. 150/= ක් පමණ වේ.

මේ අනුව වාර්ෂිකව ගසකින් රු. 54,000/= ක් පමණ ලබා ගත හැකි වේ. නමුත් සැලකිය යුතු ගස් ප්‍රමාණයක තෙලිදිය අස්වැන්න බෝතල් 25-30 ක් අතර ප්‍රමාණයක් ලැබෙන බැවින් එවැනි ගසකින් වසරකට රු 215,000/= ක් ලබාගත හැකි ‍වේ.


කිතුල් පැණි සහ හකුරු වලට අමතරව අභ්‍යන්තර අලංකාරණය සදහා කිතුල් කොළද අපනයනය කරන නිසා විශාල විදේශ විනිමයක් උපයා ගැනිමට හැකියාව ඇත. මේ අනුව බලන කල ග්‍රාමීය ප්‍රදේශ වල වඩා ආර්ථික වශයෙන් වැඩි වටිනාකමක් ඇති ශාකයක් ලෙස කිතුල් ගස හදුන්වාදිය හැක.

ප්‍රචාරණය හා වගා කිරිම

බීඡයේ ඇති පළාවරණය ඉවත් කිරිමෙන් පහසුවෙන් හා කඩිනමින් පැලවීම ආරම්භ වේ. මෙම ක්‍රමය අන්ගමනය කිරිමෙන් 50% පමණ ප්‍රරෝහන ප්‍රතිශතයක් සතියකින් පමණ ලබා ගත හැක.

පලිබෝධ සහ රෝග

මේ දක්වා කිතුල් ශාකයට හානිකර කිසිදු රෝගයක් හදුනාගෙන නැත.

මේ නිසා පහසුවෙන් ව්‍යාප්ත කර ගැනීමට හැකියාව ඇත.

පලිබෝධ

වෙනත් ශාකවල සාපේක්ෂව මෙම ගසට ඇති හානි අවම වුවත් රිලවුන්ගේ හානිය (එකතු වු තෙලිදිය බීම) සමහර ප්‍රදේශවල දක්නට ලැබේ.

කිතුල් කර්මාන්ත සංවර්ධනය ඇති බාධක

තෙලිදිය අස්වැන්න ලබා ගැනිමට දැනුම හා විශේෂ හැකියාව අවශ්‍ය වීම සහ දිනපතා ගසට නැගීමට ඇති අපහසුතාවය.



• මේ දක්වා විද්‍යාත්මක පදනමක් සහිතව කිතුල් ගස් සංවර්ධනයට නිසි පියවර නොගැනීම.
• සමාඡයේ ඇති විවිධ මත නිසා බොහෝ අය මෙම රැකියාවේ‍ යෙදීමට කැමැත්තක් නොදැක්වීම
• කිතුල් ගස් මැදීමසදහා පහසුවෙන් බලපත්‍රයක් ලබා ගැනිමට නොහැකි වීම
• අලි ඇතුන්ගේ ආහාර හා අනෙකුත් හේතු මත කිතුල් ගස් කැපීමට කිසිදු අනුමැතියක් අවශ්‍ය නොවීම මගින් ගස් විශාල ප්‍රමාණයක් දිනපතා විනාශ වීම.


• මල් මදින වෘතිකයක් වැඩීම අස්වැන්නක් දෙන ගස්වල සියලුම මල් මදින නිසා එම ලක්ෂණ ඉදිරියට ගෙන යාමට බීඡ නිෂ්පාදනය නොවීම නිසා එමගින් ඇතිවන ඡාන සම්පත් විනාශය (Genetic erosion) මෙමගින් වැඩි අස්වැන්නක් දෙන ගස්වල ප්‍රතිශතය දිගින් දිගටම අඩුවීම සිදුවේ.

කිතුල් ගස දියුණු කිරිම| කිතුල් ගස සංවර්ධනය|කිතුල් ගසින් ලැබෙන ප්‍රයෝඡන වැඩිකර ගැනීම

අනෙකුත් වැවිලි භෝග දියුණු කිරිමට ගෙන ඇති පියවර සමග සැසදීමේදි කිතුල් ගස ශ්‍රී ලංකා ආර්ථිකාය් වැදගත් ශාකයක් වුවද මේ පිළිබදව අවධානය යොමුකර එයින් ලබන ආර්ථික ප්‍රයෝඡන වැඩි කිරිමට මේ දක්වා කිසිදු සෑහිමකට පත්වන අවධානයක් යොමුකර නැත. දැනට කිතුල් ගස ප්‍රයෝඡනයට ගන්නා ආකාරයට අනුව මෙම ශාක වදවිමට හැකියාව ඇත. එම නිසා කිතුල් ශාකය ආරක්ෂා කර ආරථික ප්‍රයෝඡනයට යොදා ගැනිමට ක්‍රමාණුකූල වැඩ පිළිවෙලක් නොපමාව ආරම්භ කල යුතු‍ වේ. මේ සදහා අනුගමනය කළයුතු ප්‍රධාන ක්‍රියා මාර්ග

1. වැඩි අස්වැන්නක් ලබාදෙන කිතුල් වර්ග හදුනාගෙන ඒවා ප්‍රචාරනය කිරිමට විද්‍යාත්මක පදනම් සහිත පියවර ගැනීම
2. කිතුල් මල් කැපිමේ සාම්ප්‍රදායික ක්‍රමය දියුණු කර එය ඡනප්‍රිය රැකියාවක් බවට පත් කිරිම
3. දැනට පවතින බෝග වගා ක්‍රම වලට කිතුල් ශාකය හදුන්වා දී අතුරු භෝගයක් ලෙස හෝ වැවිලි බෝගයක් ලෙස ව්‍යාප්ත කිරිමට කටයුතු යෙදීම
4. අනවශ්‍ය ලෙස කිතුල් ගස් කපා දැමිම නතර කිරිමට පියවර ගැනීම සහ වැනසී යන ඡාන සම්පත් සංරක්ෂණය කිරිම
5. ගෙවතුවල ස්වාභාවික වනාන්තර වල පෝෂණීය වගා ලෙස හා ස්වාරක්ෂක කලාප වල කිතුල් වගා කිරිම.
6. ස්වාභාවික කිතුල් සම්පත් තිරසාර ලෙස හාවිතා කිරිමට ක්‍රමෝපායක් සකස් කිරිම